Update : රත්ගම දී 5ක් පැමිණ 5ක් කපලා - එක් අයෙක් මරුට - ගැටුමට හේතුව ආරවුලක්

Wednesday, 16 September 2015 - 7:59

Update+%3A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%93+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F+-+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ගාල්ල - රත්ගම - මොන්රෝවියාවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට හේතුව එම ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර කලක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිඵලයක් බව පොලීසිය පවසනවා. ඊයේ රාත්‍රියේ 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මොන්රෝවියාවත්ත ප්‍රදේශයේ නිවසකට කඩා වැදී මෙම පහරදීම සිදුකර තිබුණා. පහරදීමෙන් එක් තරුණයෙකු මිය ගිය අතර එම තරුණයාගේ මව, පියා, බිරිඳ සහ සොහොයුරා තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කළා. ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතල බවයි කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සදහන් කළේ.



Update : Wednesday, 16 September 2015 - 12:48

---------------------------------------------------

ගාල්ල - රත්ගම - මොන්රෝවියාවත්ත ප්‍රදේශයේ නිවසකට පැමිණි 5 දෙනෙකුගෙත් යුත් කණ්ඩායමක් එහි සිටි පිරිසකට සිදුකළ පහරදීමකින් 24 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබෙනවා.

තුවාල ලැබූ 4 දෙනෙකු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මිය ගිය තරුණයාගේ මව, පියා, බිරිඳ සහ සොහොයුරායි. දෙපාර්ශවය අතර පැවැති අමනාපයක් නිසා මෙම පහරදීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.













ඡායාරූප - රත්ගම - රොෂාන් පියතිලක



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories