විපක්ෂයේ අසුන් ගන්නා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවේචනවලට සීමාවක්

Wednesday, 16 September 2015 - 8:13

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩුවට සහය නොදුන් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ප්‍රකාශ කළේ තම කණ්ඩායමට විපක්ෂයේ සිට කටයුතු කිරීමට ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බවයි. පෞද්ගලික කරුණු මත නොව ප්‍රතිපත්තිමය කරුණු මත සිට විවේචන සිදු කිරීමට මෙහිදී එකඟත්වයට පැමිණි බව ඔහු සඳහන් කළා.

මෙම සාකච්ඡාවට ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන ඇතුලූ ජාතික ආණ්ඩුවට සහය පළ නොකල මන්ත්‍රීවරුන් 25 දෙනෙකු එක්ව සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා වැඩිදුරටත් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories