Update : මිලියන 200ක් රජයට පාඩු කළැයි කෙහෙලියට චෝදනා

Wednesday, 16 September 2015 - 8:14

Update+%3A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+200%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%85%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අද පෙරවරුවේ බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියා. ඒ, ජනාධිපතිවරණ සමයේ ප්‍රචාරක කටයුතු වලදී රාජ්‍ය මාධ්‍ය ආයතනයකට රුපියල් මිලියන 200ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මේ අතර, මෙම සිද්ධියටම ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දහවල් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර මෙම කොමිසම වෙත පැමිණීමට නියමිතයි.

Update : Wednesday, 16 September 2015 - 12.32
----------------------------------------------------------

කෙහෙලිය බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම වෙත

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මේ වන විට බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණ තිබෙනවා. ඒ, ජනාධිපතිවරණ සමයේ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ගෙවිය යුතු මුදල් නෙගෙවීම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබා දීම සඳහායි. ඊට අමතරව මෙම සිද්ධියටම ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දහවල් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මෙම කොමිසම වෙත පැමිණීමට නියමිතයි.

Update : Wednesday, 16 September 2015 - 8:14
----------------------------------------------------------

හිටපු ජනපතිගේ දෙන්නයි කෙහෙලියයි බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසමට

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අද බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත කැදවා තිබෙනවා.

එහි ලේකම්, ලැසිල් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදුකෙරුණු ප්‍රචාරක කටයුතුවලට අදාළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔවුන් කැදවා ඇති බවයි. එසේම ඔවුන් අවස්ථා තුනකදී කොමිසම වෙත කැදවා ඇති බවයි ඔහු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories