අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ඉන්දීය ජනපති හමුවේ

Wednesday, 16 September 2015 - 8:22

%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%85%E0%B6%AF+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ඉන්දියාවේ තුන්දින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද එරට ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා ඊයේ පැවැත්වුණා. එම හමුවට පෙර ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මුණ ගැසී සාකච්ඡා කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ එරට හිටපු අගමැති මන්මෝහන් සිං මෙන්ම ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිද හමුවුණා. එම හමුවේදී සෝනියා ගාන්ධි ඇතුළු පිරිසට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා ආරාධනා කර තිබෙනවා. එහිදී හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං යුද සමයේදී ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගොස් සිටින සරණාගතයින් නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා වන වැඩපිළිවෙල සම්බන්ධයෙන් විමසා තිබෙනවා. ඊට පිළිතුරු ලබාදෙමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර ඇත්තේ යුද සමයේදී ශ්‍රී ලංකාව හැරගිය සියලූ ශ්‍රී ලාංකිකයන්ට නැවතත් පැමිණෙන ලෙස විවෘත ආරාධනයක් සිදුකර ඇති බවයි.

එමෙන්ම, ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස ඉන්දීය රජයේ මහාමාර්ග - ප්‍රවාහන හා නාවික අමාත්‍ය නිතින් ගට්කාරී මුණගැසී සාකච්ඡා කර තිබෙනවා. එහිදී ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලූව සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර, බොටම් ට්‍රෝලරින් ක්‍රමයට ඉදිරියේදී ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ඉඩ ලබානොදෙන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇති බව සඳහන්. ඉන්දීය රජයේ ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සමඟ පැවති සාකච්ඡාවේදී ඔහු මෙරට ඉදිකිරීමට අපේක්ෂිත ආර්ථික කලාප අතරෙන් එකකට පහසුකම් සැළසීමට පොරොන්දු වී ඇති අතර, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය සඳහා සහය දැක්වීමටද එකඟතාව පළ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමෙන්ම දෙරටේ සබඳතා සම්බන්ධයෙන් රජය දක්වන විශේෂත්වය පිළිඹිඹු වන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය වෙත නවදිල්ලියේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories