ළමා හිංසන ගැන දැනුම්දීමට පැය 24 පුරාම සෘජු දුරකථන සේවාවක්

Wednesday, 16 September 2015 - 9:53

%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%83%E0%B7%98%E0%B6%A2%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ළමා හිංසන වලට එරෙහි නීති දැඩි කිරීමට පියවර ගන්නා බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළාය.

දැනට පවතින නීතිමය තත්වයන් වෙනස් කර අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අරමුණ බවද ඇය පවසා සිටියාය.

කාන්තා හා ළමා හිංසනයන් පිළිබඳව දැනුම්දීම සඳහා කාන්තා හා ළමා කාර්යාංශයෙන් ක්‍රියාත්මක වන නිදහස්‌ සෘජු දුරකථන සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා  බණ්‌ඩාර මහත්මිය කියාසිටියේය.

ඒ අනුව ඉදිරියේ දී ළමා හිංසන දැනුම්දීම සඳහා ක්‍රියාත්මක 1929 යන ක්‌ෂණික දුරකථන අංකය සහ කාන්තා හිංසන දැනුම්දීම සඳහා 1938 යන ක්‌ෂණික දුරකථන අංක පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පසුගිය කාලයේ දී මෙම ක්‌ෂණික දුරකථන සේවා ක්‍රියාත්මක වුවද එය පෙරවරු 8.00 සිට සවස 4.00 දක්‌වා පමණක්‌ සීමා විය.

ඇමැති චන්ද්‍රානි බණ්‌ඩාර මහත්මිය මෙම කරුණු අනාවරණය කළේ ඊයේ (15 ) කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories