ජාත්‍යන්තර විනිශ්චයකරුවන් ඇතුලූ විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙස ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සිදුකළ නිර්දේශය යෝජනාවක් පමණක් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පවසනවා. අදාළ නිර්දේශ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායකගෙන්ද අප විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ රණවිරුවන්ට එරෙහිව කිසියම් චෝදනාවක් එල්ලවන්නේ නම් පක්ෂ භේදයකින් තොරව සියලූදෙනාම එක්වී ඊට මුහුණ දිය යුතු බවයි.
යෝජනාව සම්බන්ධයෙන් අප ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල්කාන්තගෙන්ද විමසීමක් කළා. ඔහු ප්‍රකාශ කළේ මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන බවයි.
ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සමන්විත මිශ්‍ර අධිකරණයක් පිහිටුවීම හරහා සාධාරණයක් ඉටුවනු ඇති බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. ජගත් මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ කොමිසම ඉදිරිපත් කළ වාර්තාව අනුව ක්‍රියා කළ යුතු බවයි.

Follow US
Most Viewed Stories