Update :ගෝඨාගෙන් තුන්වන වතාවටත් බරපතල වංචා ගැන අසයි

Thursday, 17 September 2015 - 9:50

Update+%3A%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A++%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%83%E0%B6%BA%E0%B7%92
රක්නා ලංකා සමාගම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සාක්ෂි විමසීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ පිරිසක් බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත අද (17) පෙරවරුවේ පැමිණියා. එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට රක්නා ලංකා සමාගමේ සේවකයන් 500දෙනෙකු යෙදවීම, ගෝඨාභය ඇතුලූ පිරිසට එල්ලවී ඇති එක් චෝදනාවක් බවයි.

මෙම සේවකයන් 500 දෙනා සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 150 දෙනෙකු බඳවාගෙන එම දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම් වෙනුවට වෙනත් නිල ඇඳුමක් ලබාදීම සහ එම සමාගමට අයත් අවි ආයුධ කුලියට ලබාදීම මොවුන්ට එරෙහිව එල්ලවී ඇති තවත් චෝදනාවක් වනවා.

මෙම චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ පිරිස අදාළ කොමිසම හමුවේ පෙනී සිටි තුන්වන අවස්ථාව මෙයයි. බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා කියා සිටියේ අද දිනයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතාවටද සාක්ෂි ලබාදීමටද අවස්ථාවක් හිමිවන බවයි. එය මාධ්‍යයටද විවෘත කර ඇති බව ද ඔහු සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ පිරිස හෙට දිනයේදිද අදාළ චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට මෙම කොමිසමට පැමිණීමට නියමිතයි.



Update : Thursday, 17 September 2015 - 10:18
-------------------------------------------

රක්නා ලංකා වංචා - අදත් ගෝඨා කැඳවයි

ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ පිරිසක් බරපතල වංචා සොයන ජනාධිපති කොමිසමට පැමිණේ

රක්නා ලංකා සිද්ධිය පිලිබඳ ප්‍රකාශයක් ලබා දීමට - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (17) බරපතළ වංචා සෙවීමේ ජනාධිපති කොමිසමට පැමිණ තිබෙනවා.

රක්නා ලංකා සමා‍ගමේ සිදු වී ඇති බව පැවසෙන  අක්‍රමිකතා රැසක් පිළිබඳ මහජන සාක්කි විමසීම අදත් කොමිසම හමුවේ අරම්භ කෙරිණි.

සමාගමේ සේවයේ නිරත  දස  දෙනෙකුගෙන් පමණ අද සහ හෙට මහජන සාක්කි විමසීම සිදු කරනු ලබයි. මේ වනවිටත් 22නෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන ඇත.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories