නිධන් හෑරීමට අනුබලදුන් වවුනියාවේ හිටපු ඩී.අයි.ජී. සොයා පරීක්ෂණ

Thursday, 17 September 2015 - 13:56

%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%91%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B6%E0%B6%BD%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A9%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A2%E0%B7%93.+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
වව්නියාව - කුඩාකච්චිකුඩිය වැව ඉස්මත්තේ නිධන් හැරීමේ සිද්ධියකට අනුබල දුන් බව කියන වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මීට මාස 03 කට පමණ පෙර මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් 07 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර, ඉන් 03 දෙනෙකු පොලිස් නිලධාරීන්. ඔවුන් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයේ සේවය කර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

සිද්ධිය වාර්තාවීමෙන් අනතුරුව පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කළා. රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස් නිලධාරීන් තුන්දෙනා අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනුදැනුම මත නිධන් හැරීමේ නිරත වී ඇති බවට එහිදී අනාවරණය වී තිබෙනවා. සිද්ධිය වාර්තාවීමෙන් අනතුරුව පොලිස්පතිවරයා විසින් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාව නැගෙනහිර පළාතට මාරු කර යවා ඇති බව සඳහන්. පසුව මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය නීතිපති උපදෙස් ලබාගෙන ඇති අතර, අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයාද අත්අඩංගුවට ගන්නා ලෙස එහිදී නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories