ජගත් මානව හිමිකම් කොමසාරිස්ගේ නිර්දේශ බ්‍රිතාන්‍යත් පිළිගනී

Thursday, 17 September 2015 - 13:59

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ඊයේ ඉදිරිපත් කළ වාර්තාව පිළිගන්නා බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ අමාත්‍ය හියුගෝ ස්වයාර් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ වාර්තාව හොඳින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය වාර්තාව ඉදිරිපත් කරමින් ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් නිර්දේශ කර තිබුණේ මෙරට මානව හිමිකම් කඩවීම් පිළිබඳව සෙවීමට ජාත්‍යන්තර විනිශ්චයකරුවන්, අභිචෝදකයන් හෙවත් චෝදනා නගන්නන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඇතුළත් විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙසයි. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ මෙම වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ලක් රජය කියා සිටියේ මෙම වාර්තාව මානව හිමිකම් පිළිබඳ පරීක්ෂණයක් මිස අපරාධ පරීක්ෂණයක් නොවන බවයි.

මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ජගත් මානව හිමිකම් සැසිවාරයට ඊයේ ඉදිරිපත්වූ වාර්තාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ විවිධ අදහස් පළ කළා.

ජාතික නිදහස් පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ විශේෂ මිශ්‍ර උසාවියක් ඇතිකිරීමට කටයුතු කිරීම තුළින් සිදුවන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ නිර්දේශ පිළිබඳව තමා කණගාටුවන බවයි නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ නිර්දේශ පිලිබඳව ජනතා විමුක්ති පෙරමුණ කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එහිදී කියා සිටියේ  වෙනත් මාධ්‍ය හමුවක් පවත්වා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories