ඇමතිවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් හදන්න ඇමතිවරුන්ගේම කමිටුවක්

Thursday, 17 September 2015 - 19:39

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජාතික ආණ්ඩුවේ සියලූම අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම සුරකින බවට ඊයේ ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා. ඊයේ (16) රැස්වු අමාත්‍ය මණ්ඩලයට මීට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි. යහපාලනය අනුව අමාත්‍යවරුන් ස්වෙච්ඡාවෙන් පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් සකස් කිරීමටද අමාත්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරුණා. මාසයක් ඇතුළත සකස් කෙරෙන එම ආචාර ධර්ම පද්ධතිය අමාත්‍ය මණ්ඩලයේදී සම්මත කර ගැනීමට නියමිතයි.

අමාත්‍යවරුන්ට උපරිම වශයෙන් උපදේශකවරුන් පත්කර ගත හැක්කේ දෙදෙනෙකු පමණක් වන බවද ඊයේ අමාත්‍ය මණ්ඩලයේදී තීරණය කෙරුණා. එහිදී ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතු අතර, කලින් ජ්‍යෙෂ්ඨ තනතුරු දරා තිබිය යුතු වීමද අත්‍යවශ්‍ය කරුණක්.

අතුරුදන් වූ හෝ මියගිය බවට සැක කරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ‘‘දක්නට නොමැති බවට වන සහතිකයක්’’ නිකුත් කිරීමට හැකිවන පරිදි මරණ ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. අතුරුදන් වූ අයෙකු මියගිය බවට ඥාතීන් පිළිනොගන්නා විට අදාළ මරණය ලියාපදිංචි කිරීමට දැනට හැකියාවක් නොමැති වීම මීට හේතුවයි.

සහන මිලක් යටතේ ගොවීන්ට පොහොර ලබාදීම සම්බන්ධයෙන් වන කොන්ත්‍රාත්තු විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත ලබාදීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. එමෙන්ම, මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ වනරෝපා නමින් ජාතික රුක්රෝපණ වැඩසටහනක්ද දියත් කෙරෙනු ඇති. යල කන්නයේ අස්වැන්න මිලට ගැනීමට සැලසුම් ඉදිරිපත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුවේ වාර්තාවද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අපේක්ෂිත මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ 20,000 ක මිලදී ගැනීම් එක්ලක්ෂ 60,000 දක්වා ඉහළ නැංවෙනු ඇති. පෞද්ගලික අංශයද මැදිහත් කර ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සවිබල ගැන්වීමට නියමිතයි. වී අතිරික්තය යොදාගෙන ජීව ඉන්ධන නිපදවීම සහ සහල් පිටි නිෂ්පාදන දිරිගැන්වීමටද යෝජනා කර තිබෙනවා.

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ගිවිසුම් කාලය තවත් මාස 06 කින් දීර්ඝ කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ.

මේ අතර, රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පත්ව තවදුරටත් එම තනතුරුවල කටයුතු කරන පුද්ගලයන් සමඟ කටයුතු කිරීම සඳහා අලූතින් අණපනත් ගෙන ආ යුතු බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) එක්වෙමින් මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර කටයුතු ප්‍රධානී කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී., ඇවන්ගාඞ් සිද්ධිය සහ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමේදී නීතිපතිවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories