යුධ අපරාධ කළ බවට ජීනිවා වාර්තාවෙන් චෝදනා කර නැහැ - අගමැති

Friday, 18 September 2015 - 8:47

%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් වාර්තාවෙන් මෙරට යුද අපරාධ සිදුවූ බවට ඍජු චෝදනා එල්ල කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේ ඊයේ (17) පැවති උත්සවයකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ උදලාගම වාර්තාව සහ පරණගම වාර්තාව ලබාගැනීමෙන් පසුව, ජීනිවා වාර්තාවට ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන බවයි. ජයවර්ධන කේන්ද්‍රයේ ඊයේ පැවැත්වුණේ හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ 109 වැනි ඡන්ම දින සැමරුම් උත්සවයයි. 1906 වසරේ සැප්තැම්බර් 17 වනදා උපත ලැබූ ජූනියස් රිචඞ් ජයවර්ධන 1977 වසරේ සිට 1989 වසර දක්වා මෙරට නායකයා ලෙස කටයුතු කළේ 1978 වසරේදී මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස ද පත්වෙමින්. නිදහස් ආර්ථික විප්ලවයේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ද හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories