එ.ජා.ප. බස්නාහිර මන්ත්‍රී සේනක දමයන්ත පොලිසියෙන් සොයයි

Friday, 18 September 2015 - 8:56

%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93++%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%9A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සේනක දමයන්ත, තමන්ට පහරදුන් බව පවසමින් පුද්ගලයෙකු මොරටුව පොලිසියේ පැමිණිල්ලක් කර තිබෙනවා. මොරටුව පොලිසිය සඳහන් කළේ පහරදීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  සේනක දමයන්ත අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි. මෙලෙස පහරදීමට ලක්ව ඇත්තේ ගාල්ල - වලහංදූව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්. ඔහු පහරදීම නිසා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

චෝදනා එල්ල වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  සේනක දමයන්ත අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. කෙසේ නමුත්, මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ. බස්නාහිර පළාත් එජාප මන්ත්‍රී  සේනක දමයන්තගේ ජංගම දුරකථනය ඔස්සේ ඔහු ඇමතීමට අප දැරූ උත්සාහය අසාර්ථක වූයේ එය ක්‍රියාවිරහිත කර තිබීම හේතුවෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories