ගෝඨාභය අදත් බරපතල වංචා සෙවීමේ කොමිසමට

Friday, 18 September 2015 - 13:01

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
රක්නා ලංකා සමාගම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සාක්ෂි විමසීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ පිරිසක් බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම වෙත අද පෙරවරුවේත් පැමිණියා. රක්නා ලංකා සමාගමට බලපත්‍ර රහිතව ගිනි අවි නිකුත් කිරීමක් සම්බන්ධයෙන් අද දිනයේ කරුණු විමසා බැලීමට නියමිත බවයි බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

ඊයේ දිනයේදී ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස මෙම කොමිසම හමුවේ රක්නා ලංකා සමාගමට අදාළ තවත් පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදී තිබුණා. හිටපු ආරක්ෂක ලේකම්වරයා අද දිනයේ මෙම කොමිසමට පැමිණියේ 4 වන වතාවටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories