Update: සේයා ඝාතනයට ලක්ව ඇත්තේ රෑ 11.30 ට විතරලු - සැකකරුවන් 28 දක්වා රිමාන්ඩ් -"පුතා නිර්දෝෂයි" - සිසුවාගේ මව කියයි

Saturday, 19 September 2015 - 7:44

Update%3A+%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%91+11.30+%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BB%E0%B6%BD%E0%B7%94+-+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+28+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+-%22%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B6%BA%E0%B7%92%22+-+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොටදෙනියාවේ සේයා  සදෙව්මි දැරිය  ඝාතනයට ලක්ව ඇත්තේ සිරුර හමුවීමට පෙරදා රාත්‍රී 11.30ට පමණ බව වෛද්‍ය නිගමනය බව ආරංචි මාර්ග පවසයි.

දැරිය අතුරුදන් වූ බව පැවසෙන දිනයේ පස්වරු 6.30ට පමණ  ඇය ආහාරගත් බව සඳහන්. දැරියගේ  ආමාශයේ  බත් කටක ප්‍රමාණයක් ඉතිරිව තිබූ බව  වෛද්‍යවරු නිරීක්ෂණය කර  ඇතැයි පැවසේ.

දරුවකුගේ ආහාර දිරවීමට  පැය 5ක්  - 6ක් පමණ ගතවෙන බව වෛද්‍යවරු පවසති.  ඒ අනුව සේයා  සදෙව්මිගේ මරණය රාත්‍රී  11.30ට පමණ සිදුවූ බවට  නිගමනය කර ඇතැයි වාර්තාවෙයි.

සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද (19) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්  ඩී.ඒ. රුවන් පතිරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනා - සේයා සදෙව්මි දැරියගේ නිවස ආසන්නයේම පදිංචිකරුවන්. අත්අඩංගුවට ගත් දෙදෙනා අතර පොලිස් භාරයේ රදවාගෙන ප්‍රශ්න කළ වයස අවුරුදු 17ක පාසල් සිසුවා ද වෙයි. අනෙක් පුද්ගලයා එක්දරු පියෙක්.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගෙන අද රක්ෂිත බන්ධනාගාර ගත කළ 17 හැවිරිදි පාසල් සිසුවාගේ මව  කියා සිටියේ තම දරුවා නිර්දෝෂී බවයි. සිද්ධිය වූ රාත්‍රියේ 17 හැවිරිදි තම පුතා තමන් සමඟ එකම ඇඳක එළිවනතුරු නිදා සිටි බව ඇය කියා සිටියා.

මේ අතර, අදත් සේයා සදෙව්මි දැරිය ජීවත් වූ කොටදෙණියාව ගම්මානයේ පොලිස් නිලධාරින් පරීක්ෂණ කටයුතුවල නිරත වුණා.

එසේම ඝාතනයට ලක්වූ සේයා සදෙව්මි දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා අද දිනයේත් ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා. කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට එවැනි උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණේ යුක්තිය උදෙසා තරුණ අවකාශය සංවිධානයයි. ඊට කලාකරුවන්, දේශපාලනඥයන් සහ සාමාන්‍ය ජනතාව එක්ව සිටියා.

සේයා දැරියගේ ඝාතකයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් තවත් එක් විරෝධතාවක් පැවැත්වුණේ මිනුවන්ගොඩ නගරයේයි. මිනුවන්ගොඩ - මැඩෑමුල්ල ප්‍රදේශවාසීන් මිනුවන්ගොඩ - දිවුලපිටිය මාර්ගයේ පාගමනක නිරත වී පසුව මිනුවන්ගොඩ නගරයේදී මෙම විරෝධතාව පවත්වනු ලැබුවා.

සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට විරෝධය පළ කරමින් අද (19)වේයන්ගොඩ නගරයේ පැවති විරෝධතාවයේදී ඝාතකයන්ට අයහපතක් සිදුවන ලෙස පවසමින් ඊට එක්වූවන් පොල් ගැසීමක ද නිරත වුණා.



 Update : Saturday, 19 September 2015 - 14:36
-------------------------------------------------------

කොටදෙනියාවේ අපරාධයට 17 හැවිරිදි පාසල් සිසුවා ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් එම දැරියගේ නිවස ආසන්නයේම පදිංචිකරුවන් දෙදෙනෙකු බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර පොලිස් භාරයේ රදවාගෙන ප්‍රශ්න කළ වයස අවුරුදු 17ක පාසල් සිසුවා ද වන බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ.

පසුගිය මාස 9ක කාලය තුළ කුඩා දරුවන් 10 දෙනෙකු ඝාතනයට ලක්වී ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි ප්‍රකාශ කළා. එමෙන්ම ළමයින්ට කෲර ලෙස සැළකීමේ සිද්ධීන් 84ක් මේ වසරේ මේ දක්වා වාර්තාවී ඇති අතර, එය 2014 වර්ෂයේ සිද්ධීන් 197 ක් වන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

Update : Saturday, 19 September 2015 - 9:53

-------------------------------------------

කොටදෙනියාව අපරාධයේ තවත් D.N.A. වාර්තාවක් නිකුත් වෙයි

සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් D.N.A. වාර්තාවක් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් වෙත ලැබී තිබෙනවා. එමගින් සැකකරුවන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි පරීක්ෂණ මෙහෙය වන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. එමෙන්ම දැනට පොලිස් භාරයේ සිටින සැකකරුවන් තුන්දෙනාගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගන්නා බව පොලීසිය සඳහන් කළා.

මේ අතර, පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ රහස් පොලිසියේ කණ්ඩායම් 03 ක් පරීක්ෂණ මෙහෙයවමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

සදෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ පවුලේ ඥාතීන් ඇතුළු 30 කට අධික පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මේ අතර, කොස්ගොඩ - මහපැලෑනේදී තම බිරිඳ සහ දියණිය මුහුදට තල්ලූ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පියා තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය සදහන් කළා. කෙසේ නමුත් ඔහු මෙතෙක් පොලීසියට කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි කොස්ගොඩ පොලීසිය කියා සිටියේ. පියා විසින් මුහුදට තල්ලූ කළ මව සමඟ සිටි දැරියගේ සිරුර සොයා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් අද අලූයම වන තුරු මෙහෙයුම් සිදුකළ ද මෙතෙක් එම සිරුර හමුවී නැහැ. සැකකාර පියා ඊයේ උදෑසන කොස්ගොඩ - කයිකාවල ප්‍රදේශයේ සැඟව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු අද දිනයේදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :

කොටදෙණියාවේ අපරාධය ගැන ප්‍රශ්න කරන 17 සිසුවාගේ ලැප් එකේ අසැබි දර්ශන

රට වටා සේයාගේ ඝාතනයට විරෝධය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories