ජිනිවා වාර්තාව ගැන විමල් වීරවංශ පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

Saturday, 19 September 2015 - 13:18

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ජිනිවා මානව හිමිකම් වාර්තාවෙන් නිර්දේශ කර ඇති අන්තර්ජාතික අපරාධ අධිකරණයේ ශාඛාවක් මෙරට තුළ ඇති කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමා කථානායකවරයා වෙත දැනටමත් ලිපියක් භාර දී ඇති බවයි.  

සීපා ගිවිසුම සම්බන්ධයෙන් තම විරෝධතා ඉදිරියට ද පවත්වාගෙන යන බවයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, රජය සීපා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කර හෝ එය ක්‍රියාත්මක කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ ප්‍රකාශ කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති මන්දිරයේ දී ඊයේ  පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories