සිරියානු අර්බුදය ගැන ඇමරිකාව සහ රුසියාව අතර ඉහළ පෙළේ සාකච්ඡාවක්

Saturday, 19 September 2015 - 14:10

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සිරියාවේ අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපද සහ රුසියානු ආරක්ෂක අමාත්‍යවරුන් ඊයේ දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා. සිරියාව සම්බන්ධයෙන් ඇමරිකාව සහ රුසියාව අතර වසරකින් පමණ ඇති  වූ ප්‍රථම නිළ සංවාදය මෙයයි. රුසියානු ප්‍රහාරක යානා සිරියාවට පැමිණීමත් සමඟ සිරියානු අර්බුදය සම්බන්ධයෙන් රුසියාව නව මැදිහත්වීමකට සැරසෙන බවට ඇමරිකාව සැක පළ කරනවා. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කර ගැනීම ඇමරිකානු ආරක්ෂක ලේකම් ඈෂ්ටන් කාටර් රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු වෙත ලබාදුන් දුරකථන ඇමතුමේ අරමුණ බව සදහන්. රුසියානු හමුදා උපදේශකයන් සහ ප්‍රහාරක යානා සිරියාව වෙත එවීම ජනාධිපති අසාද්ගේ රජයට උදව් කිරීම ඉක්මවා ගිය අරමුණකින් සිදුකර ඇති බව ඇමරිකාවේ අදහසයි. කෙසේ නමුත් සිරියාවේ අයි.එස්. සන්නද්ධ කණ්ඩායම්වල නැගී සිටීම වැළැක්වීම ඇමරිකාවේ මෙන්ම රුසියාවේ පොදු අදහස බව රුසියානු රජය ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories