ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (21) යළි රැස්වීමට නියමිතයි. නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පළමු වරට රැස්වුණේ පසුගිය 10 වනදායී. එහිදී ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සාමාජිකයන්ගේ නම් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යෝජනා කර තිබුණා.
එදින කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මෙන්ම අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක සහ ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්නද සහභාගි වුණා. ව්‍යවස්ථා සභාවේ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස විජිත හේරත් මන්ත්‍රීවරයා පත්කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බවත්, කොමිෂන් සභා 09 සඳහා කඩිනමින් සාමාජිකයින් පත්කළ යුතු බවත් එදින පැවති ව්‍යවස්ථා සභා රැස්වීමේදී කතානායකවරයා අවධාරණය කළ බව වාර්තා වුණා. පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබුණේ කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් සහ වෘත්තීය සහ සිවිල් සංවිධානවලින් නාමයෝජනා ලබා ගැනීමටයි.
මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සාමාජිකයන් ලෙස ආචාර්ය ඒ.ටී.ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ ජනාධිපති නීතිඥ සිබ්ලි අසීස්ගේ නම් යෝජනා කර තිබෙනවා. මෙම තිදෙනාගේ නම් අනුමැතිය සඳහා අනිද්දා පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට ඉදිරිපත් කිරීමටද පසුගිය 10 වනදා රැස්වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යෝජනා කර තිබුණා.

Follow US
Most Viewed Stories