බලංගොඩ - ලුණුගල් ලෙනෙන් ආයුධ නිපදවීමේ මෙවලම් කට්ටල හමුවේ

Sunday, 20 September 2015 - 14:57

%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+-+%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%BD+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයන් ආයුධ නිෂ්පාදනය කිරීමට යොදාගත් මෙවලම් කට්ටල බලංගොඩ - ඉලුක්කුඹුර - ලුණුගල් ලෙනෙන් හමුවී තිබෙනවා. එම ස්ථානයේ කැණීම්වල නිරත කැළනිය විහ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව කියා සිටියේ එවැනි මෙවලම් නිපදවීමේ සාක්ෂි හමුවී ඇත්තේ ප්‍රථම වතාවට බවයි.

එමෙන්ම මෙරට සිටි ස්වදේශික දඩයක්කරුවන් දඩයම් අතහැර පසුකාලීනව කෘෂිකර්මාන්තයට පරිවර්තනය වූ බවට සනාථ කළ හැකි සාක්ෂි විශාල ප්‍රමාණයක්ද සිදුකළ කැණීම්වලින් ලැබී ඇති බවයි මහාචාර්ය රාජ් සෝමදේව වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය කාලයේ සිදුකළ මෙවැනි කැණීම්වලින් ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සාක්ෂි රැසක් දැනට හමුවී තිබෙනවා. අම්පාර, උහන - රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ සිදුකළ කැණීම්වලදී වසර 1100 ක් පැරණි ශිලා ලිපියක නාට්‍ය ශාලාවක අවසරපත් නිකුත් කරන්නෙකු පිළිබඳව සාක්ෂි ලැබී තිබුණා.

 එමෙන්ම මෙම පුරාවිද්‍යා භූමියේ තිබී වසර 2000 ක් පමණ පැරණි කාසිද හමුවූ අතර, ඒවා ඉන්දියාවේ දී නිපදවන ලද  ඒවායි. එමගින් අතීතයේ සිට මුදල් ගණුදෙනු සිදුකළ බවට සාක්ෂි ලැබී තිබෙනවා.




(ඡායාරූප - බළන්ගොඩ රෝහණ වසන්ත )

මීට පෙර බලංගොඩ රාස්සගල ප්‍රදේශයේ සිදුකළ කැණීම්වලදී ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් භාවිතා කළ බවට සැලකෙන ගල් මෙවලම් 300 ක් සහ ඉපැරණි වලං කැබලි කිහිපයක්ද හමුවී තිබෙනවා. එමෙන්ම පොළොන්නරුව ශිව දේවාලය අසල සිදුකළ කැණීම්වලදි ගඩොල් පාදම් දෙකක් හමුවුණා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සඳහන් කළේ ශිව දේවාලය ඉදිකිරීමටත් පෙර එම ස්ථානයේ ගොඩනැගිල්ලක් පැවති බවට මෙමඟින් තහවුරු වන බවයි. පොළොන්නරු දිස්ත්‍රික්කයේ සිදුකළ කැණීම්වලින් අතීතයේ යකඩ නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන ස්ථාන 30 ක්ද මැටි කර්මාන්තය සිදුකළ බවට හඳුනාගත් ස්ථාන විස්සක්ද හමුවී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories