ප්‍රවාහන ඇමතිට ප්‍රශ්නයක්

Sunday, 20 September 2015 - 19:16

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකෙරෙන දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ එහි පවතින ගැටළු පිළිබඳ සොයා බැලීමට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේ දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුව ඇමෙරිකානු ඩොලර් මිලියන 178 ක මුදලක් ඇස්තමේන්තු ගත කර ඇති බවයි. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය ආරම්භ වන විට එය ඇමරිකානු ඩොලර් මිලියන 278 ක් බවට පත්වීම තමාට ගැටළුවක් බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේ. ඒ අනුව, ඇස්තමේන්තුගත මුදල වැඩි වූයේ කෙසේ ද යන්න පිළිබඳව සොයා බැලීමක් ද සිදුකරන බවයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories