Update: කොටදෙනියාව අපරාධයේ සැකකරුවන් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂාවට

Monday, 21 September 2015 - 7:50

Update%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතන සිද්ධියේ 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් සැකකරු අද දහවල් විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මීගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාවරයා වෙත ඉදිරිපත් කෙරුණා. දැරියගේ සිරුරෙන් ලබා ගත් කොටස්වල අඩංගු ඩී.එන්.ඒ සහ සැකකරුවන්ගේ ඩී.එන්.ඒ අතර සම්බන්ධයක් තිබේදැයි යන්න පිළිබඳව සොයා බැලීම එහි මූලික අරමුණයිි. ඊට අමතරව සැකකරුවන්ගේ සීරිම් තුවාල ආදිය පිළිබඳව ද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පරීක්ෂා කර තිබෙනවා. ඉන් අනතුරුව සැකකරුවන් යළි මීගමුව බන්ධනාගාරය වෙත රැගෙන ගියා. ඒ ඔවුන් ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බැවින්.

එමෙන්ම, සේයා සදෙව්මි දැරියගේ ඝාතන සිද්ධියට අදාළව එම ප්‍රදේශයට පැමිණි පිටස්තර පුද්ගලයින් සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. දැරිය අතුරුදන්වූ දින හෝ ඊට පෙර කාලවකවානුව තුළදී කොටදෙණියාව ප්‍රදේශයට විවිධ සේවා අවශ්‍යතා සඳහා පැමිණි පුද්ගලයින් පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන බවයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම, අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවාගේ ලැප්ටොප් පරිගණකයේ තිබූ අසභ්‍ය වීඩියෝ දර්ශන විශාල ප්‍රමාණයක් ද ඇතුළත්ව තිබූ අතර ඒ පිළිබඳව පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යානාංශයෙන් වාර්තාවක් ලබා ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර , කොටදෙණියාවේ අපරාධයට එරෙහිව අදත් ප්‍රදේශ රැසක විරෝධතා හා උපවාස ප්‍රදේශ කිහිපයක පැවැත්වුණා.

සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් කුරුණෑගල නගරයේ පුද්ගලයෙකු අද උපවාසයක නිරත වුණා.

මේ අතර, හාලිඇල, අම්පාර, එප්පාවල සහ මහව යන ප්‍රදේශවල සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට විරෝධය පළ කරමින් විරෝධතා රැසක් සංවිධාන කර තිබුණා.

සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සමාජ සවිබලගැන්වීම් සහ සමාජ සුබසාධන අමාත්‍ය එස්බී දිසානායක ද අදහස් පළ කළා. අමාත්‍යවරයා කියා සිටියේ මේ සඳහා ජනතාව තුළ ආගමික සහ සාර්ධර්ම සවිබලගැන්වීම් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි.



Update: Monday, 21 September 2015 - 19:10
-----------------------------------------------

කොටදෙණියාවට පිටින් ආවේ කවුද ?

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතන සිද්ධියට අදාළව එම ප්‍රදේශයට පැමිණි පිටස්තර පුද්ගලයින් සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමුකිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. දැරිය අතුරුදන්වූ දින හෝ ඊට පෙර කාලවකවානුව තුළදී කොටදෙණියාව ප්‍රදේශයට විවිධ සේවා අවශ්‍යතා සඳහා පැමිණි පුද්ගලයින් පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන බවයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, දැනට අත්අඩංගුවේ පසුවන 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් සැකකරු අද දිනයේදී මීගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ ඔවුන්ගේ ඞී.එන්.ඒ පරීක්ෂාවක් සඳහායි.

එමෙන්ම, අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවාගේ ලැප්ටොප් පරිගණකයේ තිබූ අසභ්‍ය වීඩියෝ දර්ශන විශාල ප්‍රමාණයක් ද ඇතුළත්ව තිබූ අතර ඒ පිළිබඳව පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යානාංශයෙන් වාර්තාවක් ලබා ගන්නා බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ. එසේම, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සහ අනෙක් සැකකරු මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මේ අතර ලබන වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට නියමිතව සිටි සේයා සදෙව්මි දැරියට එහි සම්මුඛ පරීක්ෂණ සඳහා වන ලිපිය ද පෙරේදා ලැබී තිබුණේ මිනුවන්ගොඩ - මැල්ලවගෙදර රෝමානු කතෝලික විදුහලෙන්.

Update: Monday, 21 September 2015 - 12.56
-----------------------------------------------

මියගිය සේයාට පාසලකින් ලිපියක්

කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා අද දිනයේදී මීගමුව දිස්ත්‍රීක් රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි. ඒ, දැරියගේ සිරුරෙන් ලබාගත් කොටස්වල අඩංගු ඞීඑන්ඒ සහ සැකකරුවන්ගේ ඞීඑන්ඒ අතර සම්බන්ධයක් තිබේදැයි යන්න පිළිබඳව සොයා බැලීමටයි.

එමෙන්ම අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවාගේ ලැප්ටොප් පරිගණකය පිළිබඳව ද පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එහි අසභ්‍ය වීඩියෝ දර්ශන විශාල ප්‍රමාණයක් ඇතුළත්ව තිබී අතර ඒ පිළිබද කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යානාංශයෙන් වාර්තාවක් ලබා ගන්නා බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි ඊයේ සදහන් කළේ. එසේම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සහ අනෙක් සැකකරු මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ අතර, ලබන වසරේ පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත්වීමට නියමිතව සිටි සේයා දැරියට එහි සම්මුඛ පරීක්ෂණ සඳහා වන ලිපිය ද පෙරේදා ලැබී තිබුණා. ඒ, මිනුවන්ගොඩ - මැල්ලවගෙදර රෝමානු කතෝලික විදුහලෙන්.

සේයා සදෙව්මි දැරියගේ ඝාතකයන්ට නිසි දඩුවම් ලබාදෙන ලෙස බල කරමින් සහ ළමා අපයෝජකයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඊයේත් දිවයින පුරා විරෝධතා ව්‍යාපාර රැසක් සංවිධාන කර තිබුණා.

ළමයින්ට සිදුවන අපයෝජන සිද්ධීන් පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර සඳහන් කළා. සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට විරෝධය පළ කරමින් නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වුණා.  

මේ අතර මිනුවන්ගොඩ, කුරුණෑගල සහ කොළඹ ආදී ප්‍රදේශවල දහම්පාසල් දරු දැරියන්ද ඊයේ විරෝධතාවන්වල නිරතවූයේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට විරෝධයට පළ කරමින්.



මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :
http://goo.gl/6X04IV



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories