පාසල් ළමුන් විනාශ කරන වීඩියෝ වසංගතේ

Monday, 21 September 2015 - 9:18

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B7%9A
පාසල් ළමයින් සහ උපකාරක පන්තිවලට සහභාගිවන සිසුන් ඉලක්ක කරගනිමින් අසභ්‍ය වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි අලෙවි වෙළඳසැලක් තංගල්ල නගරයේදී ඊයේ වටලා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මොහු දීර්ඝ කාලයක් පුරා විවිධ නම්වලින් මෙම වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි අලෙවි කර ඇති බවයි. එක් වීඩියෝ තැටියක් රුපියල් 100 ත් 150 ත් අතර මුදලකට සිසුන්ට අලෙවි කර තිබෙනවා. එමෙන්ම ඔහු සතුව තිබූ පරිඝනක යන්ත්‍රයේද එවැනි අසභ්‍ය දර්ශන ඇතුලත් දත්ත ගබඩාවක්ද සොයාගෙන ඇති බවයි වැටලීමට එක්වූ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories