විදුලි උගුලක පැටලී නුවරඑළියේ දිවියෙකු මරුට

Monday, 21 September 2015 - 14:53

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%8B%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඌරන්ට ඇටවූ විදුලි උගුලක පැටලී මියගිය දැවැන්ත දිවියෙකුගේ සිරුරක් වනජීවි නිලධාරින් නුවරඑළිය - ලබුකැලේ - ටොප්පාස් වන ප්‍රදේශයේදී අද උදෑසන සොයා ගෙන තිබෙනවා. අඩි 7 යි අඟල් 4 ක් දිගැති මෙම දිවියාගේ වයස අවුරුදු 7 ක් පමණ වන බව සඳහන්. වනජීවි නිලධාරින් එම දිවියාගේ සිරුර නුවරඑළිය දිසා අධිකරණය වෙත පසුව ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ එය නුවරඑළිය වනජිවි පාසල වෙත භාර දෙන ලෙසයි.





ඡායාරූප - රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories