පක්ෂ නායක රැස්වීමට සන්ධානයෙන් 5ක් - දිනේෂුත් ඒ අතර

Tuesday, 22 September 2015 - 8:14

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+5%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB
එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම්වලට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 4 දෙනෙකු සහ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන නම් කර තිබෙනවා. ඒ අනුව අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම නිදහස් පක්ෂය වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම්වලට සහභාගි වනු ඇති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම්වලට සහභාගි විය යුත්තේ කවුරුන් ද යන්න තීරණය කෙරුණේ ද එම රැස්වීමේදියි.

අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධුර හෝ රාජ්‍ය අමාත්‍ය ධුර ලබා ගත් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගත යුතු අතර අනෙක් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් විපක්ෂයේ අසුන් ගත හැකි බව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී දැනුම් දුන්නා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories