මහා පරිමාණ වාහන ජාවාරමක තොරතුරු හෙළි වේ

Tuesday, 22 September 2015 - 9:32

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
කල් බදු ක්‍රමයට ගෙවීමට ඇති වාහන වංචනික ලෙස ලබාගෙන ඒවායේ ලියාපදිංචි අංක, චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කර සහ කොටස් කර විකිණීමේ ජාවාරමක් ජාඇල ප්‍රදේශයෙන් හෙළි කර ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. මෙම ජාවාරම පිළිබඳ විමර්ශන ආරම්භ කිරිමෙන් පසු වාහන 8ක් සහ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. බස් රථ දෙකක්, ටිපර් රථ දෙකක්, ලොරි රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථ දෙකක් ද ඊට ඇතුළත්. ඊට අමතරව වාහන 25ක පමණ ලියාපදිංචි සහතික, ව්‍යාජ ලෙස අංක සකස් කිරීමට යොදා ගන්නා අකුරු කපන යන්ත්‍ර, පරිගණක සහ රාජ්‍ය ලාංඡන කොළ මෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන වාහන අංක තහඩුවලට සමාන ලෙස සකස් කරන ලද තහඩු 14ක් ද අත්අඩංගුවට ගෙන ඇති ද්‍රව්‍ය අතර වන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories