ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සාමාජිකයින්ගේ නම් අද මැතිසබයට

Tuesday, 22 September 2015 - 9:57

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B6%A7
ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත්කිරීමෙන් පසු ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීම අද පැවැත්වෙනවා. මහ මැතිවරණයෙන් අනතුරුව 8වැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පසුගිය 01 වැනිදා පැවැත්වුණු අතර, ඉන්පසුව පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුව රැස්වුවද ඒ වනවිටත් ජාතික ආණුඩුවේ කැබිනට් මණ්ඩලය පත් කර තිබුණේ නැහැ. අද පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස්වී ව්‍යවස්ථා සභාවට නම් කර සිටින සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් සඳහා අනුමැතිය ලබාගැනීම මුලින්ම සිදු කෙරෙනු ඇති. ආචාර්ය ඒ. ටී. ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ හිටපු නීතිපතිවරයෙකු වන ජනාධිපති නිතීඥ සිබිලි අසීස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් කර සිටින සිවිල් සමාජිකයන්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමංසිහ ද පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. ඒ, මේ දිනවල පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසියේදී සිදු කෙරෙන ක්‍රියාවලිය පිළිබඳවයි.

මේ අතර, රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමේදී දේශපාලන මැදිහත්වීම් නතර කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ අද කල් තැබීමේ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ද නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories