මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙයි

Tuesday, 22 September 2015 - 13:32

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු කථානායකවරයා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායකයි මෙලෙස කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ. සිය පුතුගේ අභාවය හේතුවෙන් පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රිවරයාට මංගල පාර්ලිමේන්තු සැසියට සහභාගිවීමට අවස්ථාව හිමිවූයේ නැහැ. නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ චාමර සම්පත් දසනායක ඌව පළාත් මහ ඇමතිවරයා ලෙස පත්කිරීම හේතුවෙන් හිස්වූ මන්ත්‍රී ධුරයටයි ලක්‍ෂ්මන් සෙනෙවිරත්න පත්වූයේ. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ එම මන්ත්‍රි ධුරයෙන් ඉවත්වීම නිසා පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි බිමල් රත්නායක පත් කරනු ලැබුවේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories