විග්නේෂ්වරන්ගේ විශ්වාසය

Wednesday, 23 September 2015 - 7:55

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA
ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් මෙරට සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කෙරෙන අධිකරණය ගැන තමන් දැඩි විශ්වාසයකින් පසුවන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කළා. ඒ, රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් සමඟ ඊයේ යාපනයේ පැවති සාකච්ඡාවකදියි. දෙමළ ජනතාව අදාළ යාන්ත්‍රණය පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගත යුතු නොවන බව ඔහු එහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්දේශ කළ ජිනිවා මානව හිමිකම් මණ්ඩල වාර්තාව පිළිබඳව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ ජිනීවා යෝජනා මගින් නිර්දේශ කර ඇති දෙමුහුන් අධිකරණය පිළිගැනීමට නොහැකි බවයි.

මේ අතර, මෙරට පැවැති යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ලංකා රජය ගෙන යන දේශීය වැඩපිළිවෙලට සහාය දක්වමින් ඇමරිකාව හෙට ජිනිවා මානව හිමිකම් සැසියට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories