වී මිලදී ගැනීම තවදුරටත් විධිමත් කරන ලෙස උපදෙස්

Wednesday, 23 September 2015 - 7:58

%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
වී මිලදී ගැනීමේ කටයුතු තවදුරටත් විධිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම උපදෙස් ලබාදුන් බවයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. මෙහිදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය රවී කරුණානායකට වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ වී මිලදී ගැනීම් සම්බන්ධයෙන් ගොවීන්ගෙන් ඉදිරිපත් වන ඉල්ලීම් සහ අදහස් තවදුරටත් සැලකිල්ලට ගන්නා ලෙසයි.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories