දිවුරුම් දුන් පසු මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ අසුන් ගත් අයුරු

Wednesday, 23 September 2015 - 8:13

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94
අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ප්‍රථම වරට ඊයේ පාර්ලිමේන්තුව රැස්වුණේ නිශ්චිත අසුන් පැනවීමක් සහිතවයි.

එම අසුන් පැනවීමේ විශේෂතා කිහිපයක් දක්නට ලැබෙනවා.

සාම්ප්‍රදායිකව පැනවෙන අසුන් හැරුණු විට පාර්ලිමේන්තුවේ අනෙකුත් අසුන් අද පනවා තිබුණේ අමාත්‍ය මණ්ඩලයට ඇතුළත්වීම, ජ්‍යෙෂ්ඨත්වය හා පක්ෂ නායකත්වය යන නිර්ණායක මතයි.

ඒ අනුව ආණ්ඩුපක්ෂයේ පළමුපෙළ මුල් අසුන් පිළිවෙළින් මංගල සමරවීර, එස්.බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල, යන මහත්වරුන්ට වෙන්ව  තිබුණා.

සම්ප්‍රදාය අනුව පළමු පෙළේ ඊළග අසුන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් ඊළග අසුන් ද්විත්වය පිළිවෙළින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාටත් වෙන්කර තිබුණා.

ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, රවුෆ් හකීම්, මහින්ද සමරසිංහ, රාජිත සේනාරත්න, රවී කරුණානායක, රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම්, සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම, මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන්ට ඊළඟ අසුන් වෙන්ව තිබුණා.

ආණ්ඩුපක්ෂයේ අවසන් අසුන වෙන්ව තිබුණේ ජාතික හෙළ උරුමයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ටයි.
පළමු පෙළෙන් පසු ඉතිරි අසුන් කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය යන පිළිවෙළට පනවා තිබූ අතර සෙසු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අසුන් ගෙන සිටියේ ජ්‍යෙෂ්ඨත්වය අනුවයි.

විපක්ෂයේ අසුන් පැනවීමේදී පක්ෂ නායකයින් ලෙස සලකා පළමු පෙළේ අසුන් ලබා දී තිබුණේ පාර්ලිමේන්තුවේ පිළිගන්නා විපක්ෂ පක්ෂවන දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, හා ඊ.පී.ඩී.පී. යන පක්ෂ වෙත පමණයි.

ඒ අනුව ඩග්ලස් දේවානන්දා, විජිත හේරත් යන මහත්වරුන්ට පළමු අසුන් ද්විත්වය හිමිවුණා.
ඊළග අසුන පනවා තිබුණේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතාටයි.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන තුරෙයි රත්නසිංහම්, ශිවශක්ති ආනන්දන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් හා  මාවෙයි සේනාධිරාජා,  යන මහත්වරුන්ට ඊළග අසුන් වෙන්ව තිබෙනවා.

විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාට ජනපති ඉදිරියේ වෙන් වූ  සුපුරුදු විපක්ෂනායක අසුන පනවා තිබුණා.
ඉන් අනතුරුව ඇති අසුන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පනවා තිබූ අතර, පසුගිය පාර්ලිමේන්තුවේ එම අසුන පනවා තිබුණේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාටයි.

මහින්ද රාජපක්ෂ මහතා අසල අසුන වෙන්කර තිබුණේ  ඔහුගේ වැඩිමහල් සොයුරු චමල් රාජපක්ෂ මහතාටයි.
සරත් අමුණුගම, ආරුමුගම් තොණ්ඩමන්, පවිත්‍රා දේවි වන්නිආරච්චි, දිනේෂ් ගුණවර්ධන, බන්ධුල ගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී.බී. රත්නායක, මුත්තු සිවලිංගම්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට විපක්ෂයේ ඉතිරි පළමු පෙළ අසුන් හිමිවූයේ ජ්‍යෙෂ්ඨත්වය අනුවයි.

ඊට අමතරව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතාට විපක්ෂයේ පසුපෙළ අසුනක් හිමිව තිබුණේ ඔහු නවක මන්ත්‍රීවරයෙකු බැවින්.

පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයට අයත් එක්සත් ජාතික පක්ෂ නවක මන්ත්‍රීවරුන් 20 දෙනෙකුට විපක්ෂයේ අසුන් පනවා තිබුණේ ආණ්ඩු පක්ෂයේ ඉඩ මදිවීම හේතුවෙන්.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories