සජින් වාස්ට ඇප

Wednesday, 23 September 2015 - 12:38

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
මාස 4 කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මෙම නියෝගය නිකුත් කළේ මන්ත්‍රීවරයාට ඇප ඉල්ලා ගොනුකළ පෙත්සමක් අද විභාගයට ගනිමින්. ඒ අනුව, රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 200 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සජින් ද වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයා මුදා හරින ලෙසයි නියෝග කෙරුණේ. එසේම, මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවත් පරීක්ෂණවලට බාධා කළහොත් ඇප අවලංගු කරන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23ක් සාපරාධී, සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ පසුගිය මැයි මස 11 වැනිදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories