Update: කඩුවෙල උසාවි වෙඩිකරු - CCTV දර්ශන - සිරකරුවෝ දෙන්නෙක් පනී

Wednesday, 23 September 2015 - 17:17

Update%3A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+-+CCTV+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+-+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
කඩුවෙල මහේස්ත්‍රාත්  අධිකරණයේදී අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් ‘‘සමයං’’ නැමති පාතාල සාමාජිකයාට වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහු සමඟ සිටි රිමාන්ඩ්  බන්ධනාගාර ගතව සිටින රැඳවියන් දෙදෙනෙකු පළාගොස් තිබෙනවා.

ඔවුන් සහ‘‘සමයං’’ නැමැති පාතාල සාමාජිකයාට වෙඩි තැබූ පුද්ගලයා සොයා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

කඩුවෙල අධිකරණ සංකීර්ණය තුළදී අද (23) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් සමයං නැමති පාතාල සාමාජිකයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. මොහු 30 හැවිරිදි කඩුවෙල - රනාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙනවා.

ඊට අදාළව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 4ක් විභාගවන අතර ඉන් එක් නඩුවක් විභාග කිරීම සඳහායි  අද මොහු කොළඹ රිමාන්ඩ්  බන්ධනාගාරයේ සිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේ. එම අවස්ථාවේදී මහේස්ත්‍රාත් අධිකරණයේ දෙවන මහලේ පියගැටපෙළ අසල බංකුවක වාඩිවී සිටි පුද්ගලයෙකු මොහුට වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සැකකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර, වෙඩි තැබූ පුද්ගලයා එක් අතක් වෙළුම් පටියකින් වෙළාගෙන අධිකරණයට පැමිණ ඇති බව පොලීසිය පවසනවා.

වෙඩි තැබීමට උපයෝගී කරගත් පිස්තෝලය වෙළුම් පටියේ රඳවාගෙන සිට ඇති බවට පොලිීසිය  සැකකරනවා. වෙඩි තැබීමෙන් පසු මෙම පුද්ගලයා  අධිකරණ සංකීර්ණයේ තාප්පයෙන් පැන පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.



Update : Wednesday, 23 September 2015 - 18:59
............................................................................

 ‘‘සමයං’’ට වෙඩි තැබීමත් සමඟ තවත් සිරකරුවන් දෙදෙනෙකු පැන ගිහින්

කඩුවෙල අධිකරණ සංකීර්ණයේදී අද (23) සිදුවූ වෙඩි තැබීමත් සමග බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි සිරකරුවන් දෙදෙනෙක් පැනයයි. වෙඩි තැබීමත් සමග ඇතිවූ කලබලකාරී තත්වය ප්‍රයෝජනයට ගෙන සිරකරුවන් දෙදෙනා  නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබෙනවා.

අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීමෙන් 'සමයං’ නමැති පාතාල සාමාජිකයා බරපතල තුවාල ලැබුවා. සැකකරු අධිකරණ සංකීර්ණය වෙත රැගෙන එන අවස්ථාවේ එම ස්ථානයේ බංකුවක් මත අසුන්ගෙන සිටි පුද්ගලයෙකු එක්වරම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

අධිකරණයේ දෙවැනි මහලේ පියගැටපෙළ අසළදී  පිස්තෝලයකින් වෙඩි තැබූ බව පැවසෙන පුද්ගලයා  එම අවස්ථාවේ එම ස්ථානයේ ඇද වැටී ඇති අතර  යළි නැගිට පලාගොස් ඇත.

එම සැකකරු පැමිණ ඇත්තේ -  පිස්තෝලය අතේ බැන්ඩේජ් පටියකින් ඔතාගෙන බව සඳහන්. එම ස්ථානයේ  වැටී තිබූ පිස්තෝල කවරය  හමුව තිබෙනවා.

30 හැවිරිදි 'සමයං’, කඩුවෙල - රනාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර  මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම් සහ ස්ත්‍රී  දූෂණ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අද රැගෙන ආ අවස්ථාවේ ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

වෙඩි තැබීමේ සිද්ධිය උසාවි සංකීර්ණයේ CCTV කැමරාවල  සටහන් වී ඇත.











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories