සේයා ඝාතනයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Wednesday, 23 September 2015 - 17:19

%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94++%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු පොලීසිය අද (23) ගම්පහ - බෙම්මුල්ල - බදුවතුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ පිළිබඳව මෙතෙක් තමන් වෙත වාර්තාවී නොමැති බවයි. සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බවද එම ප්‍රකාශකයා කියා සිටියා.

මීට පෙර සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශයට අද (23) අදහස් දැක්වූ සැකකාර පාසල් සිසුවාගේ මව විමසා සිටියේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නොමැති තම දරුවාට සිදුවූ අසාධරණයට වගකියන්නේ කවුරුන්ද යන්නයි.  

 ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන පරීක්ෂණ පිළිබඳ තමන් සෑහීමකට පත්වන බව සේයා සදෙව්මි දැරියගේ පියා හිරු ප්‍රවෘත්ති අංශයට අද අදහස් දක්වමින් කියා සිටියා.

කෙසේ වෙතත් සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට විරෝධය පළ කරමින් සහ ළමා අපයෝජකයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අදත් ප්‍රදේශ රැසක උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වුණා.  

UPDATE-------------------------------------------------------

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති  බවට වාර්තාවෙයි. මෙම සැකකරු සේයා සදෙව්මිගේ  නිවස අසළ පදිංචිකරුවෙකු බවද පැවසෙයි.

ගම්පහ,  බෙම්මුල්ල ප්‍රදේශයේ සැඟවී සිටියදී  ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව අප වාර්තාකරු පැවසීය.

සේයා සදෙව්මිගේ  ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ තවත් පුද්ගලයෙකු ද මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

සේයා සදෙව්මි දැරිය පසුගිය 10 වැනිදා රාත්‍රියේ නිවසින් අතුරුදන් වූ අතර ඇයගේ මළ සිරුර 12 වන ඉරිදා පෙරවරුවේ නිවස අසල ඇල ඉවුරක තිබී හමුවුණා. ඝාතනයෙන් දින 10ක් ඉක්ම ගොස් තිබුණ ද තවමත් සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු නිෂ්චිතවම හදුනාගෙන නැහැ.

කෙසේ වෙතත් කිසියම් අපරාධයකට අදාලව වරදකරුවන් නිශ්චිතවම හදුනාගැනීම සඳහා ඊට අදාල විද්‍යාත්මක පරීක්ෂණ වෙනුවෙන් යම් කාලයක් ගතවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය උදයකුමාර අමරසිංහ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙරට නීතියට අනුව සැකකරුවෙකු වරදකරුවෙකු වනතුරු නිවැරදිකරුවෙකු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories