ලොව පුරා සිටින මුස්ලිම් ජනතාව අද හජ්ජි උත්සවය සමරයි

Thursday, 24 September 2015 - 9:07

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%84%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ලොව පුරා සිටින මුස්ලිම් ජනතාව අද ඊදුල්- අල්හා නොහොත් හජ්ජි උත්සවය සැමරීම සිදුකරනවා. හජ්ජි යනු අල්ලාහ් දෙවියන් වෙනුවෙන් කරනු ලබන පරිත්‍යාගයේ උතුම් බව පසක් කරමින් මුස්ලිම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන උත්සවයක්.  එමෙන්ම මුස්ලිම් ජනතාවගේ එකමුතුභාවයේ හරය සංකේතවත් කරන්නේද හජ්ජි උත්සවයෙන්.

හජ්ජි උත්සවය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සුබපැතුම් එක් කර තිබෙනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ සියලූ මුස්ලිම් ජනතාවගේ යාඥාවන්, දියුණුව - එකමුතුබව සහ සියල්ලන්ට ගරු කෙරෙන සාමය වෙත බවට සැකයක් නොමැති බවයි. අන්‍ය ජන කොටස් සමඟ සුහදශීලීව වෙසෙන ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ප්‍රජාව තුළින් දකිනුයේ අන්‍යයන්ට ගරු කරන, එකමුතුවට ලැදි ජන සමූහයකගේ මිත්‍රශීලී සබඳියාවේ ගති ලක්ෂණයන් බවයි ජනාධිපතිවරයා හජ්ජි උත්සවය වෙනුවෙන් නිකුත් නිවේදනයේ සඳහන් වන්නේ.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද හජ්ජි උත්සවය වෙනුවෙන් සුබපැතුම් එක්කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් එක්වී ලෝක සාමය වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කරන ජාත්‍යන්තර සමුළුවක් වශයෙන්ද හජ්ජි උත්සවය සමස්ත ලෝකවාසීන්ට මහත් ආදර්ශයක් වන බවයි.

බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් පිලිප් හැමන්ඞ් ද හජ්ජි උත්සවය වෙනුවෙන් ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාවට සුබ පැතුම් එක් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාවට සුබ පැතුම් එක් කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories