ජනපති ඇමරිකාවට ළඟා වෙයි

Thursday, 24 September 2015 - 12:59

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගිවීම සදහා ඊයේ (23) ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ නිව්යෝක් නුවරට ළඟ වුණා. වොෂින්ටන් සහ නිව්යෝක් ශ්‍රී ලංකා තානාපතිවරු දෙපළ විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ නිව්යෝක් නුවර තානාපති කාර්යාල නිලධාරීන් ජනාධිපතිවරයා මෙහිදී උණුසුම්ව පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

හෙට ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයේ සමාරම්භක උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු  නියෝජිතයින් සහභාගිවීමට නියමිතයි.

හෙට දිනයේ ජනාධිපතිවරයා ද්වි පාර්ශවික සාකච්ඡා  කිහිපයකට ද සහභාගි වනවා.

ඒ අනුව ස්විට්සර්ලන්ත ජනාධිපති  සහ දකුනු අප්‍රිකානු ජනාධිපති  සමග ද්වි පාර්ශවික සාකච්ඡාවලට එක්වනු ඇති. එමෙන්ම ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සභාපති පිටර් මවුරේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රධානීන් සමග ද ජනාධිපතිවරයා සාකච්ඡා  පවත්වනවා.












 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories