සේයා සිද්ධියේ අත්අඩංගුවට ගත් පාසල් සිසුවාගේ මව වන්දි ඉල්ලයි

Thursday, 24 September 2015 - 19:05

%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
තම පුත්‍රයාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් වන්දියක් හිමිවිය යුතු බව සේයා සදෙව්මි ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පාසල් සිසුවාගේ මව පවසනවා. ඇය මේ බව සඳහන් කළේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.



සේයා සදෙව්මි දැරිය පසුගිය 10 වැනිදා රාත්‍රියේ නිවසින් අතුරුදන් වූ අතර ඇයගේ මළ සිරුර 12 වන ඉරිදා පෙරවරුවේ නිවස අසල ඇල ඉවුරක තිබී හමුවුණා. ඉන් අනතුරුව පොලිස් කණ්ඩායම් කිහිපයක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඊට රහස් පොලිසිය ද එක්වුණා. එම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසයි පසුගිය 16 වනදා සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ එක්දරු පියෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ. පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර, සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකළ රහස් පොලිසිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ඊයේ ගම්පහ - බෙම්මුල්ල - බදුලූවතුගොඩ ප්‍රදේශයේ රැදී සිටියදී අත්අඩංගුවට ගත්තා. එම සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදී ඔහු, සේයාගේ ඝාතනය සිදුකළ බවට පාපොච්චාරණය කළ බවයි රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියේ.



මෙම තත්ත්වය තුළ අත්අඩංගුවට ගත් තම පුතු සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවිය යුතු  අතර, වන්දියක් ද හිමිවිය යුතු බවයි ඊට පෙර අත්අඩංගුවට ගත් පාසල් සිසුවාගේ මව පවසන්නේ.

කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය විසින් නිර්ණායක කිහිපයක් සලකන බවත් එම නිර්ණායක මත එම දරුවා අත්අඩංගුවට ගැනීම සිදුවූ බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි කියා සිටියේ.

සැබවින්ම අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී තිබෙන නීතිමය ප්‍රතිපාදන මොනවාදැයි අප නීතීඥ ප්‍රතිභා මහානාමහේවාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඔප්පු කළ හැකි සාධක මත පමණක් වරෙන්තුවක් නොමැතිව වුවද සැකකරුවෙකු අත්අඩංගුවට ගත හැකි බවයි.

ලංකා ගුරු සංගමය පවසන්නේ අත්අඩංගුවට ගත් පාසල් සිසුවා වරදකරුවෙකු වීමට පෙර ඔහු සමාජයට අනාවරණ කිරීම සඳහා පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ විවේචනයක් පවතින බවයි.

මේ අතර, ඊයේ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද රහස් පොලිසියට අවසර ලබා දුන්නා. ඒ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට අද (24) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කොටදෙණියාව ගම්වාසීන් පිරිසක් අද පස්වරුවේ සේයා සදෙව්මි ඝාතනයට විරෝධය පළ කරමින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ නිවස වටලා තිබෙනවා. පසුව එම පිරිස විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළා. අනතුරුව, විරෝධතාකරුවන් මියගිය සේයා සදෙව්මිගේ නිවස ද වටලා තිබෙනවා. ඒ සේයා දැරිය ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන විරෝධතාවලට ඇගේ දෙමව්පියන් සහභාගි නොවන බව පවසා ඊට විරෝධය පළ කරමින්.

එම විරෝධතාවය ද පොලිසිය විසින් මැඩපවත්වා ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර, කොටදෙණියාව ගම්මානයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි එම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories