වධක තනතුරේ සිටි දෙදෙනෙකු යළිත් සේවයට සූදානම්

Thursday, 24 September 2015 - 19:10

%E0%B7%80%E0%B6%B0%E0%B6%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
තමන් යළිත් වධක තනතුරේ සේවය කිරීමට කැමැත්තෙන් සිටින බව එම තනතුරේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රකාශ කළා. අදාළ තනතුර සඳහා බඳවාගෙන පුහුණුවෙන් අනතුරුව රාජකාරියට වාර්තා නොකිරීම නිසා සේවය අවසන් කළ බව පවසමින් ඔවුන්ට මේ වනවිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ලිපි ලැබී තිබෙනවා.  

මීට පෙර පසුගිය 2013 වසරේ පෙබරවාරි මාසයේදී වධක තනතුර සඳහා ඔවුන් බඳවාගෙන පුහුණුවක් ලබාදී තිබූ අතර, පසුව ලැබුණු ලෙඩ නිවාඩුවේදී නිවෙස් වෙත ගිය ඔවුන් නියමිත දිනයේදී රාජකාරියට වාර්තා කර තිබුණේ නැහැ. ඒ හේතුවෙන් නියමිත කාලය ඉක්ම වූ පසු ඔවුන්ගේ සේවය අවසන් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.

මෙලෙස සේවය අවසන් කළ බවට ලිපියක් ලැබුණු වධක තනතුර සඳහා බඳවා ගත් රද්දොළුව ප්‍රදේශයේ පදිංචි සරත් පුෂ්පකුමාර කියා සිටියේ තමන් නැවතත් වධක තනතුර භාර ගැනීම සඳහා කැමැත්තෙන් සිටින බවයි.

එමෙන්ම, වධක තනතුරේ කටයුතු කළ බියගම පදිංචි වී.ඞී.පත්මසිරි කියා සිටියේ තමන් නැවතත් රැකියාව ලබාගැනීම සඳහා අභියාචනා සිදුකළ නමුත්, තමාගේ සේවය අවසන් කළ බවට ලිපියක් මගින් තමන්ට මීට පෙර දැනුම් දී ඇති බවයි.

වධක තනතුරු දෙකක් සඳහා මීට මාස දෙකකට පමණ පෙර බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලූම්පත් කැඳවා ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර පසුගියදා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. ඉදිරි මාසයක පමණ කාලයක ඇතුළත මෙම තනතුරු දෙක සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව ඔහු තවදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories