Update: බසයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිව්දෙනෙක් මරුදකී

Friday, 25 September 2015 - 7:25

Update%3A+%E0%B6%B6%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
අතුරුගිරිය - කොස්කඳවිල ප්‍රදේශයේදී අද (25) අලූයම සිදුුවූ රිය අනතුරකින් පුද්ගලයන් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මළ සිරුරු හෝමාගම හා තලංගම රෝහල්වල තැන්පත් කර ඇත.

අතුරුගිරියේ -  කොස්කඳවිල මංසන්ධියේදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන්  අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවූ ස්ථානයේදීම පුද්ගලයන් තුන්දෙනෙකු මියගොස් ඇති අතර, රෝහල් ගතකළ තවත් කාන්තාවකද ජීවිතක්ෂයට පත්වුණා.  මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔවුන් සියලූදෙනාම ත්‍රිරෝද රථයේ ගමන් ගත් අයයි.

තුවාල ලැබූ තවත් අයෙකු තලංගම රෝහලට ඇතුළත් කර ඇත.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories