ශ්‍රී ලංකාවට සහය පළ කිරීමේ ඇමරිකානු යෝජනාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට

Friday, 25 September 2015 - 7:49

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම තේමා කරගත් ඇමරිකානු යෝජනාව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරය වෙත ඊයේ (24) ඉදිරිපත් කෙරුණා. ඇමරිකා එක්සත් ජනපදය සමඟ එක්සත් රාජධානිය සහ පැරණි යුගොස්ලෝවියා ජනරජයන් දෙකක් වන මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ  එහි සමසත්කාරකත්වය දරනවා.

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ තිස්වන සැසිවාරය වෙත ඊයේ ඉදිරිපත් කෙරුණු යෝජනාව, ඇමරිකාව විසින් පසුගිය සතියේ සාමාජික රටවල් වෙත ලබාදුන් යෝජනාවේ සංශෝධිත පිටපතක් බවයි ජිනීවා වාර්තා සඳහන් කළේ.

එම යෝජනාව මගින් මේ වසරේ ජනවාරියේ සහ අගෝස්තු මාසයේ මෙරට පැවති ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණවල නිදහස් සහ සාධාරණ භාවය මෙන්ම එමඟින් සිදුවූ සාමකාමී දේශපාලන පරිවර්තනය පිළිගෙන තිබෙනවා.

මෙරට අල්ලස, දූෂණය, වංචා සහ අත්තනෝමතික බලය යෙදවීම් විමර්ශනය කිරීමටත් වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට ගෙන ඇති පියවරද යෝජනා මගින් පැසසුමට ලක් කළා. ගැටුම් පැවති උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමට මෙන්ම අවතැන් ජනතාව නැවත පදිංචිකරලීම සඳහා ගෙන ඇති පියවරද යෝජනා මගින් පිළිගෙන තිබෙනවා.

මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳ සියලූ ජන කොටස්වල විශ්වාසය ඇති කරලීම සඳහා වගවීමේ ක්‍රියාවලියක් අත්‍යාවශ්‍ය බව ලක් රජය පිළිගෙන ඇති බවයි යෝජනාවේ දැක්වෙන්නේ. එමෙන්ම මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ සොයාබැලීම සඳහා අධිකරණ යාන්ත්‍රණයක් යෝජනා කිරීම පිළිබඳව ද ලක් රජයට එමඟින් ප්‍රසාදය පළ කළා.

එම අධිකරණ ක්‍රියාවලියට පොදුරාජ්‍ය මණ්ඩලයේ මෙන්ම විදේශීය විනිසුරුවන්ගේ සහ නීතිවේදීන්ගේ සහය ලබාගැනීම සඳහා විශේෂ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට ලක් රජය යෝජනා කිරීම පිළිබඳවද ඇමරිකානු යෝජනාව මගින් ප්‍රශංසාව පළ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories