Update :‘‘සමයං’’ට වෙඩි තැබූ සැකකරු නවගමුවට

Friday, 25 September 2015 - 10:30

Update+%3A%E2%80%98%E2%80%98%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B6%82%E2%80%99%E2%80%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%80%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් ‘‘සමයං’’ නමැති පාතාල සාමාජිකයාට වෙඩි තැබූ සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා නවගමුව පොලිසියට භාර දීමට නියමිතව තිබෙනවා. අද (25) උදෑසන අත්අඩංගුවට ගත් සැකකරුගෙන් මේ වනවිටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි දොම්පේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

‘‘සමයං’’ නමැති පාතාල සාමාජිකයාට වෙඩි තැබූ චමින්ද සඳමාල් එදිරිසූරිය නමැති මෙම සැකකරු දොම්පේ - ගුරුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.පසුව ඔහු පරීක්ෂණ සඳහා දොම්පේ පොලිසියට භාර දුන් අතර, සැකකරු සමඟ වෙඩි තැබීමට උපයෝගි කර ගත් ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන තිබුණා. පාතාල සාමාජිකයෙකු බවට ද අනාවරණ වී ඇති සැකකරු කලක් යුද හමුදා සේවයේ ද නිරත වී සිටි අයෙක්.     

‘‘සමයං’’ නමැත්තා කඩුවෙල මහේ්ස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට පෙරේදා රැගෙන ආ අවස්ථාවේදී සැකකරු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා. මහේස්ත්‍රාත් අධිකරණයේ දෙවන මහලේ පියගැටපෙල අසල බංකුවක වාඩි වී සිටිදීි මොහු වෙඩි තැබීම සිදුකර තිබූ අතර, ඒ සඳහා යොදා ගත් ගිනි අවිය එක් අතක වෙලූම්පටියකින් ඔතාගෙන රැගෙනවිත් තිබූ බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණේ. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලැබූ ‘‘සමයං’’ නමැත්තා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂා මධ්‍යයේ කොළඹ ජාතික රෝහලේ මේ වනවිටත් ප්‍රතිකාර ලබනවා. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ‘‘සමයං’’ නමැති සැකකරු සමඟ සිටි මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ රැඳවියන් දෙදෙනෙකු පලාගොස් තිබූ අතර ඔවුන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.



Update : Friday, 25 September 2015 - 19:28
---------------------------------------------------

'සමයං' ට වෙඩි තැබූ සැකකරු ගිනි අවියක් සමග කොටු

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් ‘'සමයං’ නමැති පාතාල සාමාජිකයාට වෙඩි තැබූ සැකකරු අද (25) උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. චමින්ද සඳමාල් එදිරිසූරිය නැමති මෙම සැකකරු දොම්පේ - ගුරුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනි අවියක් ද සමඟයි. සැකකරු පාතාල සාමාජිකයෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා සඳහන් කළේ.

 ‘සමයං’ නමැත්තා කඩුවෙල මහේ්ස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා කොළඹ රිමාන්ඩ්  බන්ධනාගාරයේ සිට පෙරේදා රැගෙන ආ අවස්ථාවේදී සැකකරු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.

මහේස්ත්‍රාත් අධිකරණයේ දෙවන මහලේ පියගැටපෙල අසළ බංකුවක වාඩි වී සිටිදීි මොහු වෙඩි තැබීම සිදුකර තිබූ අතර, ඒ සඳහා යොදා ගත් ගිනි අවිය එක් අතක වෙලූම්පටියකින් ඔතාගෙන රැගෙනවිත් තිබූ බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණේ.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ  වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් බවයි.

වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලැබූ ‘සමයං’ නමැත්තා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂා මධ්‍යයේ කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලබනවා. වෙඩි වැදීම හේතුවෙන් ඔහුගේ ගෙළ ප්‍රදේශයට ඊයේ සැත්කමක් ද සිදුකරනු ලැබුවා.

වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී ‘සමයං’ නමැති සැකකරු සමග සිටි මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ රැඳවියන් දෙදෙනෙකු පලාගොස් තිබූ අතර ඔවුන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

-------------UPDATE--------------------------------------

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් ‘‘සමයං’’ නැමති පාතාල සාමාජිකයාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට දොම්පේ පොලීසියට රැගෙන විත් ඇති බව එහි ප්‍රකාශකයෙකු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories