සම අනුග්‍රහයෙන් හෙළිවන දේ කෙරී හෙළි කරයි

Friday, 25 September 2015 - 13:20

%E0%B7%83%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරය වෙත ඉදිරිපත් කළ ඇමරිකානු යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ලක් රජය සියල්ලන්ට එක්ව කටයුතු කිරීමට මග විවෘත කර ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලෙසයි.

ශ්‍රී ලංකාවට සහය පළ කරමින් ඇමරිකා එක්සත් ජනපදය ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාව පිලිබඳව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊට සම අනුග්‍රාහකත්වය ලබාදෙන බවයි.  

අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයෙන් අනතුරුව වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියා සිටියේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවෙන් සියලූ ශ්‍රී ලාංකිකයන්ට ස්ථිර සාමය හා සෞභාග්‍යය සහතික කිරීමේ සන්ධිස්ථානයක් උදාවී ඇති බවයි.

සාමය කරා යන මග ඇසුරූ -  බෙදීමේ ප්‍රවේශයකට රට රැගෙන යාමේ මාවතින් ඉවත්වීමට මේ වසරේදී දෙවතාවක්ම ශ්‍රී ලාංකීය ජනතාව ඡන්දය ප්‍රකාශ කළා. මෙම යෝජනාව මගින් ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමනේ නිර්භිත පියවරට ඇමරිකානු සහයෝගය අවධාරණය කෙරෙනවා. ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය හා සහභාගීත්වය සමඟ ඇති කෙරෙන සංක්‍රාන්තිමය අධිකරණ ක්‍රියාවලියක් වැදගත් පියවරක් වනු ඇති බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ.

 ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට ඇමරිකා එක්සත් ජනපදය සමඟ එක්සත් රාජධානිය සහ පැරණි යුගොස්ලෝවියා ජනරජයන් දෙකක් වන මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ සමසත්කාරකත්වය දරනවා. ජගත් මානව හිමිකම් මණ්ඩලයේ තිස්වන සැසිවාරය වෙත ඊයේ ඉදිරිපත් කෙරුණු යෝජනාව, ඇමරිකාව විසින් පසුගිය සතියේ සාමාජික රටවල් වෙත ලබාදුන් යෝජනාවේ සංශෝධිත පිටපතක් බවයි ජිනීවා වාර්තා සඳහන් කළේ.
   


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories