සේයා දැරියගේ ඝාතන සැකකරු මීගමුව රෝහලට

Friday, 25 September 2015 - 15:58

%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
කොටදෙණියාවේ ‘‘සේයා සදෙව්මි’’ දැරිය ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (25) වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මීගමුව රෝහලට රැගෙනවිත් තිබුණා. දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 32 හැවිරිදි සැකකරු අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ආරක්ෂාව මධ්‍යයේ එහි රැගෙන ආ බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. එම අවස්ථාවේදී අවට සිටි පිරිස සැකකරු සිටින ස්ථානයට ළංවීමට උත්සාහ කිරීමත් සමඟ රෝහල් භූමිය තුළ කලබලකාරි තත්ත්වයක් ද මතුවී තිබෙනවා.

මේ අතර, ඝාතනයට ලක්වූ සේයාගේ සිරුර හමුවූ ස්ථානයට සැකකරු අද උදෑසන සැකකරු රැගෙන ඒමට නියමිතව තිබූ නමුත් ප්‍රදේශවාසීන්ගේ කලබලකාරි ලෙස හැසිරීම නිසා ඔහු එම ස්ථානයට රැගෙනවිත් තිබුණේ නැහැ. ඒ හේතුවෙන් එම ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුලූ පොලිස් ආරක්ෂාව ද යොදවා තිබුණා. සැකකරු රැගෙන එන බවට ආරංචිය සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ නමුත්, එම ස්ථානයට පැමිණ සිටි පොලිස් නිලධාරින් සේයා සදෙව්මිගේ දේහය හමුවූ ස්ථානය අදත් විමර්ශනයට ලක් කළා.

මේ අතර, සේයා සදෙව්මිගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ගේ බඩල්ගම - ඉංගම්මාරුව ප්‍රදේශයේ පිහිටි නිවස සහ ඒ අවට ප්‍රදේශයට ද විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories