සංහිඳියාව වෙනුවෙන් වූ ගමනට සුබවාදී ප්‍රවේශයක් ලැබී ඇතැයි විදේශ ඇමති මංගල කියයි

Saturday, 26 September 2015 - 8:30

%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කළ ඇමරිකානු යෝජනාව ශ්‍රී ලංකාවේ ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව විදේශ අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. ඒ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට ඇමරිකා එක්සත් ජනපදය සමඟ එක්සත් රාජධානිය සහ පැරණි යුගොස්ලෝවියා ජනරජයන් දෙකක් වන මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ සමසත්කාරකත්වය දරනවා. එසේම එහි සමසත්කාරකත්වය දැරීමට ලක් රජයද සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ පිළිබඳව අදහස් දැක්වු ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා රජය සියලූ දෙනා සමඟ එක්ව කටයුතු කිරීමට මග විවෘත කර ඇති බවයි.

මෙම තත්ත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කරන විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු රටවල් මෙවැනි ස්ථාවරයකට එළැඹීම රට ලබාගත් සාර්ථකත්වයක් බවයි. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව තනි වී සිටි රාජ්‍යයක්. අවස්ථා කිහිපයකදී මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි වාර්තා තවදුරටත් අප රට අපකීර්තියට පත් කළා. චෝදනාවලට නිසි පිළිතුරු නොදීමද ඊට හේතුවක්. කෙසේ වෙතත්, මේ වනවිට නව රජය නිදහස සහ සමානාත්මතාව තහවුරු කරමින් නීතියේ ආධිපත්‍යයද සුරක්ෂිත කර ඇති බවයි විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

සංහිඳියාව සඳහා ජාත්‍යන්තරය සමඟ එක්ව යන ගමනට සුබවාදී ප්‍රවේශයක් දැන් ලැබී ඇති බව ඔහු තම නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories