ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයේ ප්‍රසාදය

Saturday, 26 September 2015 - 13:06

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවට සම සත්කාරකත්වය දැක්වීමට ඉදිරිපත්වීම ගැන බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාව වෙත ප්‍රසාදය පළ කර තිබෙනවා. විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලය කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය අමාත්‍ය හියුගෝ ස්වෙයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ යුද්ධයෙන් අනතුරුව මෙරට පැන නැගුණු අර්බුදවලට විසදුම් සෙවීම සඳහා එය මුල් පියවරක් වනු ඇති බවයි.

ඇමරිකානු යෝජනාවට ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැක්වීම පිළිබදව ඉන්දියාව ද ඊයේ ප්‍රථම වරට අදහස් පළ කළා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සදහන් කළේ ලක් රජයේ නව ප්‍රවේශය, සී ඔෆ් චේන්ජ් හෙවත් වෙනස්වීමේ සයුරක් ලෙසයි අග්‍රාමාත්‍ය මෝදි හැදින් වූ බවයි.

මේ අතර, ඇමරිකානු යෝජනාවේ සදහන් දෙමුහුන් අධිකරණ සංකල්පය පිළිබඳව ඊයේ පැවැති සම්මන්ත්‍රණයකදී හිටපු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කළේ විදේශීය අධිකරණ ක්‍රියාමාර්ග මෙරට තුළ බලාත්මක කිරීමට ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය වන බවයි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව මෙන්ම ඇමරිකානු යෝජනාව පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ පිළිබද නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීම දැන් සිදුවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories