පනාගොඩ 10 හැවිරිදි දරුවා ඝාතනයේ සැකකරුගේ පාදයක් කැඩී රෝහලට

Sunday, 27 September 2015 - 19:08

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+10+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
අතුරුගිරිය - පනාගොඩ - කපුරුගොඩ ප්‍රදේශයේදී 10 හැවිරිදි පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සැකකරු ලබන මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළේ කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි  පුද්ගලයෙක්.

මේ අතර, අද පෙරවරුවේ සැකකරු ඔහු සේවය කළ කපුරුගොඩ ප්‍රදේශයේම පිහිටි ගල්වලට රැගෙන ගිය අවස්ථාවේදී සිදුවූ අනතුරකින් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබුනා. එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තිස්ස පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සැකකරුගේ පාදයක අස්ථි බිදීමක් සිදුවීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවයි.

අතුරුගිරිය - පනාගොඩ - කපුරුගොඩ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි කවිඳු දේවින්ද කපුරුගේ නමැති වයස අවුරුදු 10 ක මෙම කුඩා දරුවා පසුගිය 24 වනදා ඝාතනය කර තිබූ අතර ඔහුගේ මළ සිරුර හමුවුණේ ඔහුගේ නිවස අසල වසා දමා තිබූ වෙනත් නිවසක තිබියදීයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories