බූන්දල ඉදිකරමින් තිබූ අලි වැටක කොටසක්, ප්‍රදේශවාසීන් ගිනි තබයි

Monday, 28 September 2015 - 8:27

%E0%B6%B6%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට - බූන්දල - විල්මැන්න අභය භූමියේ සිට මෝදර පැලැස්ස දක්වා ඉදිවෙමින් පවතින කිලෝමීටර් 20 ක විදුලි වැටේ කොටසක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබෙනවා. බූන්දල ජාතික වනෝද්‍යානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ විදුලි වැට ඉදිකිරීම සඳහා සිටවා තිබූ කොන්ක්‍රීට් කණු 17ක් ද විනාශ වී ඇති බවයි. මෙම ප්‍රදේශයේ දිගින් දිගටම ඇතිවන වනඅලි උවදුර මැඩලීමට වනජිවි දෙපාර්තමේන්තුව මගින් අදාළ විදුලි වැට සකස් කරනු ලැබුවා. එහිදී තමන්ට අයිති ඉඩම් උපයෝගි කර ගනිමින් මෙම විදුලිවැට සකසන බවට ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධය පළ කළ බවයි බූන්දල ජාතික වනෝද්‍යානයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වනෝද්‍යාන නිලධාරින් තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories