කතුන්ට ලිංගික අතවර කරමින් රන් බඩු වලට විදින දෙන්නෙක් මාට්ටු

Monday, 28 September 2015 - 10:56

%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශයන්හි කාන්තාවන්ට ලිංගික අතවර කරමින් එම කාන්තාවන්ගේ රන් භාණ්ඩ හා මුදල් ඇතුළු දේපල සොරාගැනීම මෙන්ම අනාවරණය වූ විවිධ අපරාධ 19 කට සම්බන්ධ අපරාධකරුවන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ජීව අත් බෝම්බයක්, සොරාගන්නා ලද රන් භාණ්ඩ, රන් භාණ්ඩ විවිධ බැංකු හා ආයතන වලට උකස් කරනා ලද පත්‍රිකා ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් තිස්සමහාරාම හා දික්වැල්ල යන ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු  35 හා 36 යන වයස්වල පුද්ගලයන් බව පොලීසිය පවසයි. සැකකරුවන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.







ඡායාරූප - අම්බලන්තොට - අජිත් පුෂ්ප කුමාර



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories