Update: කොණ්ඩයාගේ සිරුරේ අංශ කිහිපයකින් DNA පරීක්ෂාවකට

Monday, 28 September 2015 - 17:05

Update%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+DNA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7
කොටදෙනියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා අද බොරැල්ලේ පිහිටි ජීන්ටෙක් ආයතනය වෙත ඉදිරිපත් කෙරුණා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.ඞී. රෝහණ පුෂ්පකුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඔහුගේ සිරුරේ අංශ කිහිපයකින් ඩී.එන්.ඒ. වාර්තාවක් ලබා ගැනීම සඳහා එම ආයතනයට ඉදිරිපත් කළ බවයි.

මේ අතර, කොටදෙණියාව ‘‘සේයා සදෙව්මි’’ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක් දරු පියා යළි ඔක්තෝම්බර් මස 2 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඊට අදාළ නඩුව අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. එහිදී පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළේ සැකකරුවන් සම්බන්ධයෙන් වන ඩී.එන්.ඒ වාර්තා මෙතෙක් ලැබී නොමැති බැවින් ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බවයි.

17 හැවිරිදි සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී සිසුවාට පහරදීමක් සිදුව ඇතැයි ලැබී ඇති තොරතුරු මත ඔහු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර වාර්තාවක් ලබාදෙන ලෙසයි. එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ අදාළ එම වාර්තාව ලබාදෙන ලෙසට ද නියෝගයක් කළා.

මොවුන් පසුගිය 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දිනය  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. පසුව සැකකරුවන් අධිකරණ වෛද්‍යවරයා වෙත ද ඉදිරිපත් කෙරුණා.

පසුගිය 10 වැනිදා රාත්‍රියේ සේයා සදෙව්මි දැරිය අතුරුදන් වූ අතර පසුගිය 12 වැනි ඉරිදා පෙරවරුවේ ඇයගේ සිරුර හමුවුණේ නිවස අසල පිහිටි ඇළ මාර්ගයක තිබියදීයි. ඉන් පසුවයි සැකපිට 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්දරු පියා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණේ. අනතුරුව සිද්ධියට අදාළව දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 32 හැවිරිදි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනුණා.



Update: Monday, 28 September 2015 - 19:07
------------------------------------------------------

කොටදෙනියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා අද බොරැල්ලේ පිහිටි ජීන්ටෙක් ආයතනය වෙත ඉදිරිපත් කෙරුණා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.ඞී. රෝහණ පුෂ්පකුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඔහුගේ සිරුරේ අංශ කිහිපයකින් ඞී.එන්.ඒ. වාර්තාවක් ලබා ගැනීම සඳහා එම ආයතනයට ඉදිරිපත් කළ බවයි. මේ අතර, කොටදෙණියාව ‘‘සේයා සදෙව්මි’’ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක් දරු පියා යළි ඔක්තෝම්බර් මස 2 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඊට අදාළ නඩුව අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories