Update: කහවත්තෙදි නැවතත් කාන්තාවක් ඝාතනය කරයි

Monday, 28 September 2015 - 17:07

Update%3A+%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%AF%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කහවත්ත - කොටකෙතන -  ඕපාතවත්ත ප්‍රදේශයේදී අද පස්වරුවේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වතු කම්කරු කාන්තාවක් මෙලෙස ඝාතනය කර ඇති බවයි. දෙදරු මවක් වන ඇයගේ වයස අවුරුදු 48ක් බව ද පොලීසිය සදහන් කළා. ඝාතනය සිදුකළ පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති ඇති අතර කහවත්ත පොලීසිය විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මීට පෙර ද කහවත්ත - කොටකෙතන ප්‍රදේශයෙන් කාන්තා ඝාතන රැසක් වාර්තා වුණා.



Update: Monday, 28 September 2015 - 19:02
-----------------------------------------
කහවත්ත - කොටකෙතන -  ඕපාතවත්ත සුදුපාලම අසළ ප්‍රදේශයේදී අද කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සුදුපාලම අසළ මාර්ගයේ වැටී තිබියදී මෙම කාන්තා මළ සිරුර සොයා ගැනුණු බවයි. ඇය ප්‍රදේශයේ වතු කම්කරු කාන්තාවක් ලෙස සේවය කර ඇති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories