නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය. - ජනපති

Monday, 28 September 2015 - 19:32

%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ඉදිරියේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙමින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතීන් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරයට සහභාගිවීම සඳහා නිව්යෝක් නුවරට ගොස් සිටින ජනාධිපතිවරයා බිනර පොහොය යෙදී තිබූ ඊයේ දිනයේ නිව්යෝක් බෞද්ධ විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරත වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එම අවස්ථාවේදී විහාරස්ථානය වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.  

මේ අතර, ජනාධිපතිවරයා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අතර ද්වි පාර්ශවික සාකච්ඡා ඊයේ පැවැත්වුණා.  එහිදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර, මිතුදම ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහළ මට්ටමකට ගෙන ඒම ඇමරිකාවේ බලාපොරොත්තුව බවයි.

ජගත් මහ සමුළුවට සහභාගිවීම සඳහා පසුගිය 24 වනදා ඇමරිකාවේ නිව්යෝක් නුවරට පැමිණි ජනාධිපතිවරයා 25 වනදා පැවති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වුණා. එමෙන්ම තිරසාර සංවර්ධන සමුළුව ඊයේ අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ  මුතුන් මිත්තන් දැන සිටි තිරසාර සංවර්ධනයේ මූලිකාංග, 21 වන සියවසට ගැලපෙන ලෙස වෙනස් කරමින් රට සංවර්ධනය කරන බවයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඊයේ පැවැති ස්ත්‍රී, පුරුෂ සමාජතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ සමුළුවට ද ජනාධිපතිවරයා එක්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන 30 වනදා ජගත් මහ මණ්ඩල සැසිය ඇමතිීමටද නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories