Update: කොටකෙතන කාන්තා ඝාතනයත් සමඟ ගම්වාසීන් යළි බියෙන්

Tuesday, 29 September 2015 - 7:58

Update%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9A%E0%B7%99%E0%B6%AD%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
කහවත්ත - කොටකෙතන -  ඕපාතවත්ත ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වනවිට රත්නපුර රෝහලේදී පැවැත්වෙනවා. මේ අතර අප වාර්තාකරු සඳහන් කළේ කොටකෙතන ප්‍රදේශයේ ඇතැම් තේ වතුවල වැඩකරන කාන්තාවන් අද සේවයට වාර්තා කර නොතිබූ බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. ඔවුන්ට සහායවීම සඳහා රත්නපුර කොට්ඨාශයේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ද එක්ව ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සදහන් කළේ.

48 හැවිරිදි නාගම් පාපු නමැති දෙදරු මවක් කොටකෙතන -  ඕපාතවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණේ ඊයේ පස්වරුවේයි. පොලීසිය සඳහන් කළේ තේ දළු නෙලන්නියක ලෙස කටයුතු කරන මෙම කාන්තාව සිය වැඩ අවසන් කර නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. ඝාතනය සිදුකළ පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර ඊයේ සිදුවූ මෙම කාන්තා ඝාතනයත් සමඟ අද කොටකෙතන ප්‍රදේශයේ පාසල්වලට සිසුන්ගේ පැමිණීමද අඩුවී තිබුනා.  මීට පෙර ද කහවත්ත - කොටකෙතන ප්‍රදේශයෙන් ඝාතන සිද්ධීන් 17 ක් වාර්තාවුණු අතර,  ප්‍රදේශයේ පළමු කාන්තා ඝාතනය වාර්තාවූයේ 2008 වසරේ ජූනි මස 8 වනදායි.  

මේ අතර රත්නපුර - කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ අද පැවති උත්සවයකට  එක්වෙමින් කම්කරු සහ වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්නද ප්‍රදේශයේ සිදුවන ඝාතන සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු කියා සිටියේ සිදුවන ඝාතන සම්බන්ධයෙන් ඇතැම් පිරිස් තමන්ට මඩගැසීමේ අරමුණින් යම් යම් චෝදනා සිදුකළ බවයි. 



Update: Tuesday, 29 September 2015 - 19:10
-------------------------------------------------------
කහවත්ත - කොටකෙතන කාන්තා ඝාතන සිද්ධිය CID යට

කහවත්ත - කොටකෙතන -  ඕපාතවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ දැනටමත් ඊට අදාළ කණ්ඩායමක් විමර්ශන කටයුතු සඳහා එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයි.

දෙදරු මවක් වන 48 හැවිරිදි වියේ පසුවූ ඇය ඊයේ පස්වරුවේ කොටකෙතන -  ඕපාතවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා. පොලීසිය සඳහන් කළේ ඇය  වතු කම්කරු කාන්තාවක් ලෙස සේවය කර ඇති බවයි. ඝාතනය සිදුකළ පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ.

මීට පෙර ද කහවත්ත - කොටකෙතන ප්‍රදේශයෙන් කාන්තා ඝාතන රැසක් වාර්තා වුණා.

මේ අතර, ගම්පහ - මිනුවන්ගොඩ - අඹගහවත්ත මංසන්ධියේදී ඊයේ පස්වරුවේ මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයෙකුට, වෙඩි තැබූ පුද්ගලයන් සොයා මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් රෝහල් ගත කර ඇත්තේ අපරාධ කිහිපයකට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි අයෙක්.



මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :
කහවත්තෙදි නැවතත් කාන්තාවක් ඝාතනය කරයි 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories